පුවත්

2019 පෙබරවාරි 14

අපගේ නව ශාඛාවක් දෙමටගොඩදී…

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය සේවාවන් දෙමටගොඩ ප්‍රදේශය තෙක් ප්‍රළුල් කරමින් සිය ශාඛාවක් නුදුරු දිනකදී දෙමටගොඩදී විවෘත කිරීමට නියමිතයි.



 

2019 පෙබරවාරි 08

17වන සංවත්සර සැමරුම 2019-02-07 දින…

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ 17වන සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ බෝධි පූජාමය පිංකම 2019-02-07 දින හේනවත්ත ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.

ඡායා රූප මෙතනින්…


 

2019 පෙබරවාරි 08

ඔබේ හදිසි අවශ්‍යතාවය සඳහා රන් පවුමට වැඩිම අත්තිකාරම් මුදලක් අපෙන්…




 

2019 ජනවාරි 01

2019 ජනවාරි මස 1 වන දින සී/ස ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ ජංගම රථයේ ගමන ඇරඹූ වගයි…

සී/ස ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය බැංකු කටයුතු පාරිභෝගිකයින් වෙත වඩාත් පහසු කරවීම උදෙසා ජංගම ප්‍රචාරන රථය අද දින සුබ මොහොතින් කටයුතු අරඹන ලදී. මෙමගින් ඔබට ඉතා පහසුවෙන් සියළුම බැංකු කටයුතු, විදුලි බිල්පත්, ජල බිල්පත්, රක්ෂණ ආවරණ, දුරකථන බිල් ආදිය ගෙවීමේ පහසුකම් පාරිභෝගිකයා අසලටම ගොස් සේවාව ලබාදීම ව්‍යාපාර සංවර්ධන සමිතියේ අරමුණයි.




 

2018 නොවැම්බර් 07

කළමනාකරණ සහකාර, පුද්ගලික සම්බන්ධීකරණ නිලධාරී, ක්ෂේත්‍ර නිලධාරී තනතුරු (කාන්තා / පිරිමි) සඳහා ආරාධනා

කළමනාකරණ සහකාර / පුද්ගලික සම්බන්ධීකරණ නිලධාරී (කාන්තා / පිරිමි)

වයස් සීමාව - අවුරුදු 18ත් 25ත් අතර අවිවාහක
සුදුසුකම් - අ.පො.ස. උ/පෙ සමත්වීම, පරිගණක සාක්ෂරතාවය
උසස් අධ්‍යාපනය සහ සේවා පළපුරුද්ද අමතර සුදුසුකමකි.

ක්ෂේත්‍ර නිලධාරී (කාන්තා / පිරිමි)

වයස් සීමාව - අවුරුදු 18ත් 25ත් අතර
සුදුසුකම් - අ.පො.ස. සා/පෙ සමත්වීම, යතුරුපැදි බලපත්‍රය
සේවා පළපුරුද්ද අමතර සුදුසුකමකි.

ඔබ ඉහත සුදුසුකම් සහිත කොළඹ, ගම්පහ හෝ කළුතර දිස්ත්‍රික්කවල පදිංචි අයෙක් නම් ඔබගේ ජීව දත්ත තොරතුරු 2018-11-30 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත්)
සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය
“රාමවික්‍රම සමුපකාර මන්දිරය”
අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.



 

2018 ඔක්තෝබර් 23

ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මැතිඳුන් දේශබන්ධු, විශ්වකීර්ති, ලංකාපුත්‍ර නාමයෙන් පිදුම් ලැබූ වගයි…



 

2018 ඔක්තෝබර් 13

මනුදම් හරසර ප්‍රණාම



 

2018 ඔක්තෝබර් 13

අපගේ නව ශාඛාවක් මිනුවන්ගොඩට…

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය සේවාවන් මිනුවන්ගොඩ ප්‍රදේශය තෙක් ප්‍රළුල් කරමින් සිය ශාඛාවක් නුදුරු දිනකදී මිනුවන්ගොඩ නගරයේ දී විවෘත කිරීමට නියමිතයි.


 

2018 මැයි 26

අපගේ නව ශාඛාවක් මතුගමට…

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය සේවාවන් මතුගමට ප්‍රදේශය තෙක් පුළුල් කරමින් සිය ශාඛාවක් නුදුරු දිනකදී මතුගම නගරයේ දී විවෘත නියමිතයි.


 

2018 මැයි 24

මනුසත්කමේ සත්කාරය – 2018 මැයි ගං වතුර උවදුර

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පහත් බිම් රැසක් ගං වතුරට යටවී අපගේ සහෝදර සාමාජිකයින් රැසක් මහත් පීඩාවට පත්ව ඇත. මේ හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවනෝපාය පවත්වාගෙන යාම නතර වී ඇත. මේ හේතුවෙන් ඔවුනට අපගේ උපකාරය අවැසි මොහොතකි. ඔවුන්ගේ සියලු සම්පත් ගං වතුරට හසුවීමෙන් විනාශයට පත්වී ඇත.

මේ මොහොතේදී ඔවුන්ට සවියක් වන්නට සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය ලහි ලහියේ කටයුතු සංවිධානය කරමින් සිටී. මේ අවස්ථාවේ ඔබටත් යම් ශක්තියක් වීමට හැකි නම් ඔවුන්හට අපගේ සහෝදරත්වයේ දෑත් දිගුකිරීමට කදිම අවස්ථාවකි. ඒ සඳහා අප හා එක් වන ලෙස ඔබට ආරාධනා කර සිටිමු.

ඔබට මුදලින් ආධාර කළ හැකි නම් අපගේ සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය සමිතිය නමින් කඩුවෙල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 79 70 566 දරණ ගිණුමට හෝ, ඔබට ද්‍රව්‍යමය ආධාර කළ හැකි නම් අපගේ රාමවික්‍රම සමූපකාර මන්දිරය, අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය යන ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් භාර දිය හැක.

වැඩි විස්තර සඳහා විමසන්න:
ගාමිණී ජයවීර
ගරු ප්‍රධාන ලේකම්,
සී/ස ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය.
දු:ක: 075 97 89 603

මේ විපතේ ඡායා රූප මෙතනින්…


 

2018 මැයි 24

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව ශාඛා ජාලය සඳහා ඔබට ආරාධනා…

බස්නාහිර පළාතේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව ශාඛා ජාලය සඳහා කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක වල පදිංචි දිරිමත්, කාර්යක්ෂම ඔබටයි අපගේ ආරාධනය…

ගිණුම් නිලධාරි - කාන්තා / පිරිමි

අ.පො.ස. උ/පෙ සමත්වීම (වැඩිදුර අධ්‍යාපනය අමතර සුදුසුකමකි)
පරිගණක සාක්ෂරතාවය
වයස අවු. 20 - 25 අතර
ස්කූටර් / යතුරුපැදි බලපත්‍රය අමතර සුදුසුකමකි

බැංකු ප්‍රවර්ධන නිලධාරී - කාන්තා / පිරිමි

අ.පො.ස. උ/පෙ සමත්වීම
වයස අවු. 20 - 25 අතර
යතුරුපැදි බලපත්‍රය තිබීම
ක්ෂේත්‍රයේ පළපුරුද්ද

රියදුරු - පිරිමි

වයස අවු. 25 - 35 අතර
පළපුරුද්ද

ආරක්ෂක නිලධාරී - පිරිමි

වයස අවු. 25 - 35 අතර
පළපුරුද්ද

ඔබ ඉහත දැක්වෙන සුදුසුකම් සහිත අයෙකුනම් ජීව දත්ත තොරතුරු පහත ලිපිනයට යොමු කරන්න. තමා ඉල්ලුම් කරන තනතුර කවරයේ වම් කෙළවර සඳහන් කරන්න.

අයදුම්පත්‍ර බාරගන්නා අවසාන දිනය - 2018-05-31

සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත්)
සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය
"
රාමවික්‍රම සමූපකාර මන්දිරය"
අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.



 

2018 අප්‍රේල් 27

ලේ දන්දීමේ පිංකම 2018-05-06 වන දින…

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ලේ දන්දීමේ පිංකම 2018-05-06 වන දින සමිති ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.

මේ සඳහා රුධිර පරිත්‍යාගශීලීන් වෙත ආරාධනා!



 

2018 පෙබරවාරි 09

දහසය වන සංවත්සර සැමරුම...

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ දහසය වන සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ බෝධි පූජාමය පිංකම 2018-02-07 වන දින හේනවත්ත ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.



 

2017 නොවැම්බර් 10

සමිතියේ ගරු ප්‍රධාන ලේකම්තුමා මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මහතාහට බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන පිළීබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා විසින් පසුගියදා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට පත්වීමේ නිල ලිපිය ලබාදුන් මොහොත කැමරා කාචයේ මෙසේ සටහන් විය.

මෙම අවස්ථාව සඳහා සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපති දේශමාන්‍ය පියල් රාමවික්‍රම මහතාද එක්විය.

2017 නොවැම්බර් 10

ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත ගරු සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා වෙත

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතිය විසින් සිය ගණුදෙනුකරුවන්ට හඳුන්වා දුන් ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන පිළීබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා වෙත පිළිගැන්වීම සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපති දේශමාන්‍ය පියල් රාමවික්‍රම මැතිතුමා අතින් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මහතාද සහභාගී විය.

2017 නොවැම්බර් 03

නිම්නද නර්තන කණ්ඩායම කළඑළි බැසීම

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් නිර්මාණය වූ නිම්නද නර්තන කණ්ඩායම කළඑළි බැසීම සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ පස් වන සංවත්සර මහා සභාවේදී සිදුවිය.



 

2017 නොවැම්බර් 02

ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත හඳුන්වා දීම

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතිය පසුගිය දින සිය ගණුදෙනුකරුවන්ට ව්‍යවසාය ප්‍රණාම නමින් වට්ටම් කාඩ්පතක් හඳුන්වා දුනි.

රටේ ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙම කාඩ්පත මගින් ඉහල වට්ටමක් ලබාදීමට කටයුතු කෙරේ.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ නිලධාරී නුවන් වනිගරත්න මහතා, සමුපකාර සංවර්ධන නිලධාරී කුමාර විජයලත් මහතා, ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපතිතුමා, ගරු ප්‍රධාන ලේකම්තුමා, ගරු උප සභාපතිතුමා, ගරු අධ්‍යත්ෂ මණ්ඩලය හා මහා සභා නියෝජිතයෝ සහභාගී වූහ.




 

2017 නොවැම්බර් 02

පස්වන සංවත්සරය හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ පස්වන සංවත්සරය 2017 ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වින.

මෙහිදී 2017 - 2020 තෙවර්ෂය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම සිදුවිය. එහිදී සමිතියේ ගරු ප්‍රධාන සභාපති ලෙස පියල් රාමවික්‍රම මහතාත්, ගරු ප්‍රධාන ලේකම් ලෙස ගාමිණි ජයවීර මහතාත්, ගරු උප සභාපති ලෙස ෂර්ලි ආරියරත්න මහතාත්, ගරු අධ්‍යක්ෂකවරුන් ලෙස සරත් ජයසිංහ, චමිල වාගීස, රොෂාන් පුංචිහේවා, ශ්‍රියානි නවගමුව යන මහත්ම මහත්මීන් නිතරගයෙන් තේරී පත් වින.



 

2017 මැයි 02

ලේ දන්දීමේ මහා පිංකම

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන්දීමේ මහා පිංකම මැයි මස 07 දින පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා රාමවික්‍රම සමුපකාර මන්දිරයේදී පැවැත්වේ.

මෙම උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

2017 පෙබරවාරි 14

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ පසලොස්වන සංවත්සර සැමරුම් උත්සවය

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ පසලොස්වන සංවත්සර සැමරුම් උත්සවය 2017 පෙබරවාරි මස 07 දින ප්‍රධාන කාර්යාලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු දුලිප් විජේසේකර මැතිතුමා සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව ප්‍රධාන ආසන සංවිධායක ගරු එස්. එම්. මරික්කාර් මැතිතුමා හා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. උදය බණ්ඩාර මහතා, නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී ඊ. ඩබ්. ප්‍රියන්ත මහතා, සමිතියේ මහා සභා නියෝජිතයින් හා ආරම්භක සාමාජිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වින.

මෙදින සමිතියේ පසලොස්වන සැමරුම නිමිති කරගනිමින් මුද්දර කාර්යාංශය මගින් මුල් දින කවරයක් එළි දැක්වූ අතර සමිතියට නව ලාංඡනයක්ද හඳුන්වා දෙන ලදී. මීට සමගාමීව ආරම්භක සාමාජිකය‍න්‍හට උපහාර පිදීමක් හා තිළිණ ප්‍රදානයක්ද පැවැත්වින.

2016 අගෝස්තු 17

“සමූපකාර නීතියට අදාල නඩු තීන්දු” කෘතියේ පළමු පිටපත අතිගරු ජනාධිපතිතුමන් වෙත

සමූපකාර ව්‍යාපාරය ජන ජීවිතයේ කොටසක් ලෙස පැවතියද ඒ පිළිබඳ පත පොත හා ලේඛන පවතින්නේ අල්ප වශයෙනි. මෙවැනි වටපිටාවක් තුළදී සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය විසින් සමූපකාර සමිති හා සමූපකාර නිලධාරීන් ඇතුළු සමූපකාර විෂය පිළිබඳ ඕනෑකමක් දක්වන උදවිය සඳහා ජාතික සමූපකාර මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්, අධ්‍යාපන අධ්‍යක්ෂ, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලයේ කථිකාචාර්ය සහ සමූපකාර නීති පිළිබඳ ප්‍රවීනයෙක් වන අභයරත්න බණ්ඩාර බුලත්ගම මහතා විසින් රචනා කරන ලද “සමූපකාර නීතියට අදාල නඩු තීන්දු” නමැති කෘතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා උර දෙන ලදී. එම කෘතියේ පළමු පිටපත පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් හට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය. එම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් රෙජිස්ට්‍රාර් ආසිරි වීරසේකර මහතාත්, කෘතියේ කතෘ අභයරත්න බණ්ඩාර බුලත්ගම මහතාත්, කෘතියේ ප්‍රකාශක සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ගරු සභාපති දේශමාන්‍ය පියල් රාමවික්‍රම මහතාත් සහභාගී වූහ.

2016 අගෝස්තු 17

සාඩම්බර කොටස්කරුවෙක් වීමට ඔබ සූදානම්ද?

බස්නාහිර පළාත තුළ වේගයෙන් ව්‍යාප්ත වන අපගේ ශාඛා ජාලය සඳහා ධෛර්යය, කැපවීම හා ඕනෑකම ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පදිංචි පහත සුදුසුකම් ඇති යෙෳවන ඔබටයි අපගේ ආරාධනය…

ගිණුම් නිලධාරී - කාන්තා / පිරිමි

  • අ.පො.ස. උ/පෙ සහ AAT සමත්වීම සහ ගිණුම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද
  • ඉංග්‍රීසි භාෂා හැකියාව සහ සාක්ෂරතාවය
  • වයස අවුරුදු 20 – 25 අතර
  • ස්කූටර් / යතුරු පැදි බලපත්‍රය අමතර සුදුසුකමකි

බැංකු ප්‍රවර්ධන නිලධාරී - කාන්තා / පිරිමි

  • අ.පො.ස. සා/පෙ සමත්වීම සහ වයස අවුරුදු 20 – 35 අතර වීම
  • යතුරු පැදි සඳහා රියදුරු බලපත්‍රය තිබීම
  • ක්ෂේත්‍රයේ පළපුරුද්ද

ඔබ ඉහත දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු නම් දින 07ක් ඇතුලත ජීව දත්ත තොරතුරු පහත ලිපිනයට යොමු කරන්න.

මානව සම්පත් කළමණාකරු
සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය
“රාමවික්‍රම සමුපකාර මන්දිරය”
අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.

දුරකථන: 0112-569806

2016 අගෝස්තු 04

අප ප්‍රධාන ලේකම්තුමා සමූපකාර උපෙද්ශක තනතුරට

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මහතා හට බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා විසින් පසුගිය දා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සමූපකාර විෂය කටයුතු සම්බන්ධ උපෙද්ශකවරයා වශෙයන් පත්වීමේ නිල ලිපිය ලබාදුන් මොහොතේ කැමරා කාචයේ සටහන.

2016 අගෝස්තු 02

අප සභාපතිතුමා නව තනතුරක

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපති දේශමාන්‍ය සිංහ ගරු පියල් රාමවික්‍රම මහතා බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂධූරය සඳහා පත්කිරීමට බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා විසින් පසුගිය දා පත්වීමේ නිල ලිපිය ලබාදුන් මොහොතේ කැමරා කාචයේ සටහන.

2016 අගෝස්තු 02

චිකාරා සතෝ මහතා අධ්‍යයන චාරිකාවක

ජාත්‍යන්තර කෘෂිකාර්මික සමූපකාර මහා සංගමයේ, ජත්‍යන්තර සමූපකාර අංශයේ ප්‍රධානී සහ ආසියානු කළාපයේ සමූපකාර සන්ධානයේ ප්‍රධානී චිකාරා සතෝ මහතා සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ අධ්‍යයන චාරිකාවක නිරත වීම.

2016 අප්‍රේල් 27

ලේ දන් දීමේ මහා පිංකම – 2016 මැයි 08

2015 සැප්තැම්බර් 18

ලෝක ළමා දින සැමරුම – 2015

“ලෝකයේ වටිනාම සම්පත දැයේ දරුවන්ය”

සී/ස කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය විසින් සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් උළෙල 2015 ඔක්තෝම්බර් 03 දින පෙ.ව. 9.30ට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් සමූපකාර අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සමිති ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

2014 දෙසැම්බර් 29

මානුෂීය ආධාර අනුරාධපුරයේදී

ඇද හැළුනු මහ වැසි නිසාවෙන් ගම් බිම් යට කරමින් ගලා ගිය ගං වතුරින් පීඩාවට පත් ජනතාවට සහන සලසනු වස් කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය 2014-12-26 දින අනුරාධපුරයේදී මානුෂීය ආධාර බෙදාදුන් වගයි.

ඡායා රූ...

2014 නොවැම්බර් 28

සිව් වන ත්‍රෙවාර්ෂික සංවත්සරය

කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ සිව් වන ත්‍රෙවාර්ෂික සංවත්සරය 2014 නොවැම්බර් 01 වන දිනය මුළුල්ලේ ප්‍රධාන කාර්යාලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහජන උපයෝගිතා පිළිබඳ ඇමති ගරු මර්වින් සිල්වා මැතිතුමා සහභාගී වූ අතර සෙ‍සු ආරාධිත අමුත්තන් ලෙස බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් ක්‍රිස්ටි විජේසූරිය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප නිලධාරිනී පුෂ්පා ඒකනායක, හ‍ා සංවර්ධන නිලධාරිනී සුභද්‍රා මනතුංග යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

උත්සවයේ ඡායා රූ...