ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ඇති, හැකියාව වත්කම් ලෙස සිතන පුරවැසියන් සදහාම, සමුපකාර ප්‍රතිපත්ති තුළින් දියුණුව සැළසීමේ අරමුණින් 2002 වසරේදී ඓතිහාසික මුල්ලේරියාව පුරවරයේදී ඇරඹූ ගමන අදටත්, හෙටටත් ඔබ උදෙසාම…
1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතින් හා බස්නාහිර පළාත් සභාවේ 1998 අංක 03 සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ නීතිමය ආවරණය ලබා ඇත.
ලියාපදිංචි අංකය - බප/සමු/ප්‍ර/05, ලියාපදිංචි දිනය - 2002-03-01
සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත නව සමාජයක් ගොඩනැංවීම.
සමිතියේ දර්ශනයට අනුව සමුපකාර ප්‍රතිපත්ති හා සමුපකාර නීතීන්ට අනුව අතුරුව්‍යවස්ථාවේ නියමයන්ට යටත්ව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ වෙසෙන සාමාජික ව්‍යවසායකයින් බලගැන්වීම සදහා අවශ්‍ය වන්නා වූ සානුබලය සැපයීම උදෙසා නියමකයෙක් , උපදේශකයෙක්, ආරක්ෂකයෙක්, නියෝජිතයෙක්, ප්‍රචාරකයෙක්, බැංකුකරුවෙක්, ආයෝජකයෙක්, පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරීම ආදී ආයතනික දර්ශනයට ලගාවීම සදහා අදාල වන්නාවූ සියලු කාර්යයන් කිරීම.