ණය පහසුව…


සාමාජිකයිනගේ දිවි පෙවෙත සරු කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර හා කර්මාන්ත දියුණු කරගැනීම පිණිසත්, ඔවුන්ගේත්, දරුවන්ගේත් අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත්, එමෙන්ම උත්සව. සංචාර ආදී වෙනත් කටයුතු වෙනුවෙනුත් ණය සේවා රැසක්…


ස්වයං රැකියා උත්පාදන ණය යෝජනා ක්‍රමය
ස්වයං රැකියා උත්පාදන ණය යෝජනා ක්‍රමය

හඳුන්කූරු, යෝගට්, හතු, ඉටිපන්දම්, රතිඤ්ඤා වැනි සුළු නිශ්පාදන ව්‍යාපාර සඳහා
උපරිම ණය මුදල රු. 100,000/-
කාලය මාස 18

දෛනික ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය
දෛනික ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය

සිල්ලර, පදික, පොළ වැනි සුළු ව්‍යාපාර සඳහා
උපරිම ණය මුදල රු. 100,000/-
කාලය මාස 18

කෘෂි කර්මාන්ත ණය යෝජනා ක්‍රමය
කෘෂි කර්මාන්ත ණය යෝජනා ක්‍රමය

කෙටි කාලීන කෘෂිකාර්මික බෝග සඳහා
උපරිම ණය මුදල රු. 100,000/-
කාලය මාස 06

සත්ව පාලන ණය යෝජනා ක්‍රමය
සත්ව පාලන ණය යෝජනා ක්‍රමය

කුකුලන්, එළුවන්, ඌරන්, සුරතල් මසුන් සහ සුරතල් සුනඛයින් බෝ කිරීම වැනි ව්‍යාපෘති සඳහා
උපරිම ණය මුදල රු. 200,000/-
කාලය මාස 18

ගෘහ ආශ්‍රිත අතිරේක ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය
ගෘහ ආශ්‍රිත අතිරේක ආදායම් උත්පාදන ණය යෝජනා ක්‍රමය

ඇඳුම් / පාපිසි මැසීම, රෙදි විවීම, විසිතුරු නිර්මාණ සැකසීම වැනි අතිරේක ආදායම් මාර්ග සඳහා
උපරිම ණය මුදල රු. 75,000/-
කාලය මාස 12

“අතමාරු” කෙටිකාලීන ණය යෝජනා ක්‍රමය
“අතමාරු” කෙටිකාලීන ණය යෝජනා ක්‍රමය

ව්‍යාපාරයට හෝ අදාල ව්‍යාපෘතියට හදිසි මුදල් අවශ්‍යතාවයකදී
උපරිම ණය මුදල රු. 50,000/-
කාලය මාස 03

ස්වර්ණාභරණ උකස් සේවාව

ස්වර්ණාභරණ උකස් සේවාව

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් සඳහා ස්වර්ණාභරණ උකස් සේවාවක් ප්‍රධාන කාර්යාලයීය හා සල්මල් උයන ශාඛාවන් හිදී…

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ලඟම ශාඛාව අමතන්න.

    

ව්‍යාපාරික ණය

ස්ථාවර දේපල ඇප මත ණය

චංචල දේපල ඇප මත ණය

භාණ්ඩ ණය

අයිරා ණය

උත්සව ණය

සේවක ණය

(රාජ්‍ය ආයතන සහ පිළිගත් පුද්ගලික ආයතන)

උපහාර ණය

ප්‍රණාම ණය

පොදු පහසුකම් ණය

සංචාරක ණය

අධ්‍යාපන ණය

ආපදා ණය

උකස් ණය

ස්ථාවර තැන්පත් ඇපමත ණය

සහන ණය

(සුළු කර්මාන්තකරුවන් සඳහා)

කර්මාන්ත සංවර්ධන ණය

සූර්ය බලශක්ති උත්පාදන ණය

බුද්ධ භූමි ණය

විදුලි යතුරුපැදි ණය

ස්වයං රැකියා ණය

  1. ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ තිරණය අනුව ක්ෂණිකව මෙහි ඕනෑම කොන්දේසියක් ලිහිල් කිරිම හෝ අමතරව වෙනත් කොන්දේසියක් පැනවිමට පුර්ණ අයිතිය ඇත.
  2. බල ප්‍රදේශය තුල ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය. එය සනාථ කිරිම සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සහතික කරන ලද ග්‍රාම නිලධාරි සහතිකය, ජාතික හැදූනුම්පතේ ඡායා පිටපත, මෑතකදී ගන්නා ලද නිවසේ විදූලි බිල්පතෙහි ඡායා පිටපත, තම පදිංචි නිවසේ හෝ තම නමට ඇති ඉඩමේ ලියාපදිංචි ඔප්පුවෙහි ඡායා පිටපත, නිවසේ ජල බිල්පතෙහි ඡායා පිටපතක් ඉදිරිපත් කල හැක. නිවසේ පදිංචිය අයිති කලත්‍රයාගේ නම් ඔහුගේ/ඇයගේ විවාහ සහතිකය ඉදිරිපත් කල යුතුය. මව හෝ පියාගේ නම් උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  3. බල ප්‍රදේශයෙන් පිට පදිංචිව සිටියද, බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක අවු 05ක කාලයක් නියැලෙන්නෙක් යැයි පිලිගත හැකි තොරතුරු ඉදිරිපත් කරන්නෙකු විය යුතුය. ණය ගැනිමේදී ඇපකරුවන් අනිවාර්යයෙන් බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන් 02 වශයෙන් ඉදිරිපත් විය යුතුය.
  4. ඇපකරු අතුරු ව්‍යවස්ථාවේ සදහන් පරිදි නියමිත කොටස් ප්‍රමාණය (50) මිලදී ගෙන නිත්‍ය සාමාජිකත්වය ලබා ගත් අයෙකු විය යුතුය.
  5. වයස 18-60 අතර අයෙකු විය යුතුය.
    * නිත්‍ය සාමාජිකයෙකුට හැර සුරළිය, බද්ධ, ආශ්‍රිත හෝ වෙනත් ඕනෑම ගිණුම් හිමියෙකුට ණය නිකුත් කල නොහැක. නමුත් ස්ථාවර තැන්පත් ඇප මත ණය වයස අවු 18ට වැඩි ඕනෑම අයෙකුට නිකුත් කල හැක.
  6. වෙනත් ආයතන මගින් ලබා ගත් ණය හෝ කල්බදූ වාරික ගෙවිම පැහැර හැර නොතිබිම.
    * ණය තොරතුරු කාර්යාංශයෙන් අප ශාඛා වලට මෙම ණය මුදල් ගෙවිම පැහැර හැර තිබේද යන්න බලා ගැනිම සදහා සාමාජිකයාගෙන් එයට වැයවන මුදලක් අයකර ගත යුතුය.
  7. ආදායම් ලබන කුමන හෝ නීත්‍යානුකුල ව්‍යාපාරයකට හෝ වෙනත් ඕනෑම නිත්‍යානුකුල අවශ්‍යතාවයක් සඳහා ණය ලබා ගත හැක. පරිසරයට හානි කර ව්‍යාපෘති සදහා ණය නිකුත් නොකෙරේ.
  8. පවත්නා ණය ශේෂයට අනුව සහ ගන්නා ණය මුදලට අවශ්‍ය කොටස් හා අනිවාර්ය තැන්පත් තිබිය යුතුය.
  9. සම්මත ණය වාරිකය ගෙවිමට ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් හෝ වැටුපෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් විම.
  10. ණය ඉල්ලුම්කරු පෙර ගත් ණය කල් පසු වි ඇත්නම් ඒ පිලිබඳ සාධාරණ හේතු ඉදිරිපත් කල යුතුය. එවිට සාධාරණ හේතුවක් ඇතිනම් ඔහුට/ඇයට දිය යුත්තේ ව්‍යාපාරය හෝ ව්‍යාපෘතිය හොඳින් පරික්ෂා කිරිමෙන් පසුවය. අවශ්‍ය නම් පුද්ගලික ඇප වලට අමතරව වෙනත් ඇපයක් තැබිමට උපදෙස් දිය හැකිය.
  11. පුද්ගල ඇප මත ලබාදිය හැකි උපරිම ණය මුදල රු. 300,000 දක්වා පමණි. ලබා ගත හැකි සියලුම ණය එකතුව, ශේෂය රු. 300,000 නොඉක්මවිය යුතුය.
  12. චංචල හා නිශ්චල දේපල ඇප මත ණය ප්‍රතිපුර්ණය කල නොහැක.
  13. චංචල හෝ නිශ්චල දේපල ඇපමත ණය ලබාගත් කිසිවෙකුටත් අයිරා ණයක් නිකුත් නොකරන අතර ලබා ගන්නා ණය අයිරාවක් ලෙස ලබා ගැනිමට අවශ්‍ය නම් එම ණය මුදල ඉල්ලුම් කරන අවස්ථාවේදී ඒ සදහා ඉල්ලීමක් කල යුතුය‍.
  14. හැකිතාක් දුරට ණය පරික්ෂා කිරිමේදී ණය කරුට නොදන්වා ව්‍යාපාරික ස්ථානය ගැන පරික්ෂා කර බැලිය යුතුය. අවශ්‍ය නම් පමණක් ණය කරු හමුවි සාකච්ජා කළ යුතුය.
  15. ණය පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලයේ තිරණය අවසාන තිරණය වේ.
  16. ඕනෑම ණයක් සදහා ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වු හෝ ණය මුදල අඩු වු අවස්ථාවේදී සාමාජිකයාට අභියාචනයක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කල හැක.
  17. ණය රක්ෂණ ආවරණ සහිත ණය සදහා ස්වාභාවික විපතකදී ව්‍යාපාරයට සිදූ වි ඇති හානිය ඇස්තමේන්තු කර ණය මුදලින් කපා හැරිය යුතු ප්‍රතිශතය අදාල කමිටුවේ තීරණය මත ගරු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තිරණය කල යුතුය.
  18. ණයකරුගේ ස්වභාවික මරණයකදී ණය ශේෂය ණය රක්ෂණය මගින් කපා හැරේ.
  19. මුලික සුදූසුකම් සපුරා ඇති සාමාජිකයෙකුට ණය පෝරමයක් නිකුත් කිරීමේ බලය ශාඛා කළමණාකාරිණියට හෝ ව්‍යාපෘතිය භාර නිළධාරිණිය සතුව පවතී. එම ණය ඉල්ලූම්පත දාතම යොදා තම අත්සනින් නිකුත් කල යුතුය.
  20. ව්‍යාපාරික ස්ථානය බදූ පදනම මත කරන්නේ නම් ඒ පිළිබදව සැලකිලිමත් විය යුතුය.
  21. ණය හිමියාගේ සෞඛය තත්වය හා මානසික තත්වය පිලිබද සොයා බැලිම.
  22. ව්‍යාපාරය පිළිබද සාමාජිකයා සතු දැනුම සහ කුසලතා සැලකිල්ලට ගැනිම.
  23. ණයකරුගේ පවුලේ පසුබිම සහ සමාජය ඔහු කෙරේ දක්වන ආකල්ප සැලකිල්ලට ගැනිම.
  24. සාමාජිකයාගේ නිෂ්පාදන හා සේවා සදහා වෙළදපොළ තත්වය පිළීබද සැලකිලිමත් විම.
  25. සාමාජිකයාගේ වෙනත් ආදායම් මාර්ග, නිශ්චල හා චංචල දේපල පිළීබද සොයා බැලිම.
  26. ණයකරු ලබා ගන්නා ණය මුදල පිළීබදව ඇපකරුවන් දැනුවත් කිරිම.
  27. සියළුම ණය නිකුත් කර දින 07ක් ඇතුළත ණය පෝරමය, පොරොන්දූ නෝට්ටුව, ණය වවුචරය, ණය සහතිකය, ස්ථාවර තැන්පත් ඇප මත ණයක් නම් සාමාජිකයා විසින් අත්සන් තබන ලද ස්ථාවර තැන්පතුපතද ණය අංශය වෙත භාර දිය යුතුය.

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය