සාමාජිකත්වය…

ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ඇති, හැකියාව වත්කම් ලෙස සිතන පුරවැසියන් සදහාම, සමුපකාර ප්‍රතිපත්ති තුළින් දියුණුව සැළසීමේ අරමුණින් පිහිටවූ ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ සාමාජිකත්වය සඳහා ඔබටත් ආරාධනා…

සාමාජිකත්වය සඳහා සුදුසුකම්

  1. බල ප‍්‍රදේශය තුළ ස්ථිරව පදිංචි වි සිටින වයස අවු. 18 කට නොඅඩු යහපත් චරිතයක් ඇති කෙනෙක් විය යුතුය.
  2. බල ප‍්‍රදේශය තුළ නිත්‍යානුකූල ව්‍යපාරයක, ස්වයං රැකියාවක හෝ කර්මාන්තයක නියැලෙන්නෙකු හෝ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරිමට සාධාරණ හේතු ඉදිරිපත් කළ අයෙකු විය යුතුය.
  3. බල ප‍්‍රදේශයෙන් පිට පදිංචිව සිටියද බල ප‍්‍රදේශය තුළ ව්‍යාපාරයක හෝ කර්මාන්තයක නියැලෙන්නෙකු යැයි පිළිගත හැකි තොරතුරු ඉදිරිපත් කරන්නෙකු විය යුතු අතර ණය ගැනිමේදි අනිවාර්යයෙන්ම බල ප‍්‍රදේශය තුළ ස්ථිර පදිංචි කරුවන් දෙදෙනෙකු ඇප වශයෙන් ඉදිරිපත් කළ යුතුය.
  4. නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනිමට කොටස් 50 ක් මිලදි ගත යුතුය.
  5. නිත්‍ය සාමාජිකත්වය අයදුම් කිරිමට ප‍්‍රථම සමිතියේ යහපත් ගණුදෙණුකරුවකු වශයෙන් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙක් විය යුතුය.

සාමාජිකත්වය ලබාගැනීම

  1. සාමාජිකත්වය ලැබිමට සුදුසු අය විසින් සමිතිය පිළිගත් ආකෘති පත‍්‍රයක් දෙපිටපතකින් නිසි පරිදි සම්පුර්ණ කර සමිතියේ ප‍්‍රධාන ලේකම්වරයා මගින් සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කල යුතුය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් වෙත ඉදිරිපත් කෙරෙනු අයදුම්පත් ගැන සලකා බලා මහසභාවේ ස්ථිර කිරිමට යටත්ව සාමාජිකයින් බඳවා ගත හැකිය.
  2. සමිතියේ සාමාජිකත්වයට ඇතුලත් වීමේ දී ගාස්තුවක් අයකරනු ලබන අතර එම ගාස්තුව ගෙවීමට සාමාජිකයා බැදී සිටී. සාමාජිකත්වයෙන් ඉවත් වීමේ දී ඇතුලත් වීමේ ගාස්තුව නැවත නොගෙවනු ඇත.

අවශ්‍ය වන අනිකුත් ලේඛන

  1. ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පදිංචිය සනාථ කිරීමේ සහතිකය.
  2. ජාතික හැඳුනුම් පතෙහි ඡායා පිටපතක්.
  3. පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක්.

සාමාජිකයින් වෙත ලැබෙන ප්‍රතිලාභ

සුභසාධක අරමුදලේ හා ආපදා සහන අරමුදලේ දායකත්වය නිතැතින්ම හිමිවීම.

 

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය