පසුගිය පුවත්…

දෙමටගොඩ ශාඛාව නව ස්ථානයකට
2021-02-02
දෙමටගොඩ ශාඛාව නව ස්ථානයකට

2021-12-02 දින දෙමටගොඩ ශාඛාව නව ස්ථානයකට රැගෙන යන ලදී.
නව ලිපිනය: 254/A, කොළොන්නාව පාර, දෙමටගොඩ, කොළඹ 09.
ඡායා රූ…

මහා සභා රැස්වීම – 2021
2021-11-27
මහා සභා රැස්වීම – 2021

නිරෝධායන නීතිය යටතේ සීමිත පිරිසක් සහභාගීවීමෙන් 2021-11-27 වන ශනි දින සංවත්සර මහා සභා රැස්වීම පවත්වන ලදී. එහිදී ඉදිරි තෙවර්ෂය සඳහා පත්වූ නව අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් වේ.

  1. ගරු සභාපති දේශමාන්‍ය සිංහ ආචාර්ය පියල් රාමවික්‍රම මහතා
  2. ගරු ප්‍රධාන ලේකම්, ජනාධිපති සම්මානලාභී ආචාර්ය ජේ. ඩී. ගාමිණි ජයවීර මහතා
  3. ගරු උප සභාපති දේශමාන්‍ය සිංහ ඒ. ෂර්ලි ආරියරත්න මහතා
  4. ගරු අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ජනරංජන පී. චමිල වාගීස පෙරේරා මහතා
  5. ගරු අධ්‍යක්ෂිකා මුළු දිවයිනටම සාම විනිසුරු ශ්‍රියානි නවගමුව මහත්මිය
  6. ගරු අධ්‍යක්ෂක ජී. එච්. නිමල් චන්ද්‍රසිරි මහතා
  7. ගරු අධ්‍යක්ෂක ඩී.පී.පී. ජයසිංහ මහතා – මෘදුකාංග ඉංජිනේරු (Westpay AB)
ඡායා රූ…

සල්මල් උයන ශාඛාවේ කෝප් ෆාමසිය විවෘත කිරීම
2021-11-11
සල්මල් උයන ශාඛාවේ කෝප් ෆාමසිය විවෘත කිරීම

සල්මල් උයන ශාඛාවේ කෝප් ෆාමසිය විවෘත කිරීම 2021-11-11 දින.
ඡායා රූ…

සීතාවකපුර ශාඛාව නව ස්ථානයකට
2021-10-29
සීතාවකපුර ශාඛාව නව ස්ථානයකට

2021-10-29 දින සීතාවකපුර ශාඛාව නව ස්ථානයකට රැගෙන යන ලදී.
ඡායා රූ…

කඩවත ශාඛාව නව ස්ථානයකට
2021-08-12
කඩවත ශාඛාව නව ස්ථානයකට

2021-08-12 දින කඩවත ශාඛාව නව ස්ථානයකට රැගෙන යන ලදී.
ඡායා රූ…

කොවිඩ් නිරෝධායන සමාජ සත්කාරය (2021-08-11)
2021-08-11
කොවිඩ් නිරෝධායන සමාජ සත්කාරය (2021-08-11)

රටේ පවතින ආපදා තත්ත්වය හමුවේ අප සමිතිය විසින් සමාජ සත්කාරයක් වශයෙන් ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත කොවිඩ් නිරෝධායන දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කර ලබාදීම 2021-08-11 දින කරනු ලැබිණ.
ඡායා රූ…

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2021
2020-12-11
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2021
“සමුපකාර” නියෝජිත තැපැල් කාර්යාලය විවෘත කිරීම
2020-07-16
“සමුපකාර” නියෝජිත තැපැල් කාර්යාලය විවෘත කිරීම

සී/ස ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය කටයුතු විවිධාංගීකරණය කරමින් ප්‍රදේශයේ ජනතාව උදෙසා තැපැල් කටයුතු සිදුකර ගැනීම පහසුකරමින් අභිනවයෙන් ආරම්භ කළ සමුපකාර නියෝජිත තැපැල් කාර්යාලය ජනගතකිරීම 2020 ජූලි මස 16 වන දින ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
ඡායා රූ…

සල්මල් උයන ශාඛාව හා ඉන්ධන පිරවුම් හල විවෘත කිරීම
2020-01-15
සල්මල් උයන ශාඛාව හා ඉන්ධන පිරවුම් හල විවෘත කිරීම

්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා වත්කමක් නැති, හැකියාව සිය වත්කමක් වූ දිරිය මිනිසුන්ගේ මූල්‍ය සැපයුම්කරු ලෙස පුරා වසර 18ක් මුළුල්ලේ ශාඛාවන් 20කින් සාමාජිකයන් 50,000කට අධික ප්‍රජාව සවිබල ගැන්වීමේ ව්‍යායාමයක යෙදෙමින්, සිය හැරවුම් ලක්ෂය නව මාවතකට ප්‍රවිෂ්ඨ කරමින් හා සේවා කටයුතු විවිධාංගීකරණය කරමින් අභිනවයෙන් ආරම්භ කළ සල්මල් උයන ඉන්ධන පිරවුම් හල ජනගත කිරීම 2020 පෙබරවාරි මස 20වන දින සිදු කරන ලදී.
ඡායා රූ…

සල්මල් උයන ශාඛාව හා ඉන්ධන පිරවුම් හල
EventDateSi
සල්මල් උයන ශාඛාව හා ඉන්ධන පිරවුම් හල

අපගේ නවතම සල්මල් උයන ශාඛාව හා ඉන්ධන පිරවුම් හල නුදුරේදීම ඔබ වෙනුවෙන් විවෘත කෙරේ.
ඡායා රූ…

ස්ථිර පත්වීම් ලබාදීමේ උත්සවය
2019-09-06
ස්ථිර පත්වීම් ලබාදීමේ උත්සවය

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලය සඳහා බස්නාහිර පලාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ අනුමැතිය මත ස්ථිර පත්වීම් ලබාදීමේ උත්සවය 2019 සැප්තැම්බර් 06 වන දින බස්නාහිර පලාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් සුමිත් සුරවීර මැතිතුමා සහ සමුපකාර අමාත්‍යාංශයේ සහකාර ලේකම් දිනේෂා කුමාරි මැතිණියගේ සහභාගීත්වයෙන් සමිතියේ ප්‍රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්වින. මෙම අවස්ථාවට සමිතියේ ගරු ප්‍රධාන සභාපතිතුමා සහ ගරු ප්‍රධාන ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ සහභාගී වූහ.
ඡායා රූ…

අපගේ නව ශාඛාවක් දෙමටගොඩදී…
2019-02-14
අපගේ නව ශාඛාවක් දෙමටගොඩදී…

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය සේවාවන් දෙමටගොඩ ප්‍රදේශය තෙක් පුුළුල් කරමින් සිය ශාඛාවක් නුදුරු දිනකදී දෙමටගොඩදී විවෘත කිරීමට නියමිතයි.

17වන සංවත්සර සැමරුම 2019-02-07 දින…
2019-02-07
17වන සංවත්සර සැමරුම 2019-02-07 දින…

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ 17වන සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ බෝධි පූජාමය පිංකම 2019-02-07 දින හේනවත්ත ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.
ඡායා රූ…

ඔබේ හදිසි අවශ්‍යතාවය සඳහා රන් පවුමට වැඩිම අත්තිකාරම් මුදලක් අපෙන්…
2019-02-08
ඔබේ හදිසි අවශ්‍යතාවය සඳහා රන් පවුමට වැඩිම අත්තිකාරම් මුදලක් අපෙන්…
2019 ජනවාරි මස 1 වන දින සී/ස ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ ජංගම රථයේ ගමන ඇරඹූ වගයි…
2019-01-01
2019 ජනවාරි මස 1 වන දින සී/ස  ව්‍යාපාර  සංවර්ධන සමුපකාර සමිතියේ ජංගම රථයේ ගමන ඇරඹූ වගයි…

සී/ස ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය බැංකු කටයුතු පාරිභෝගිකයින් වෙත වඩාත් පහසු කරවීම උදෙසා ජංගම ප්‍රචාරණ රථය අද දින සුබ මොහොතින් කටයුතු අරඹන ලදී. මෙමගින් ඔබට ඉතා පහසුවෙන් සියළුම බැංකු කටයුතු, විදුලි බිල්පත්, ජල බිල්පත්, රක්ෂණ ආවරණ, දුරකථන බිල් ආදිය ගෙවීමේ පහසුකම් පාරිභෝගිකයා අසලටම ගොස් සේවාව ලබාදීම ව්‍යාපාර සංවර්ධන සමිතියේ අරමුණයි.

කළමනාකරණ සහකාර, පුද්ගලික සම්බන්ධීකරණ නිලධාරී, ක්ෂේත්‍ර නිලධාරී තනතුරු (කාන්තා / පිරිමි) සඳහා ආරාධනා…
2018-11-07

කළමනාකරණ සහකාර / පුද්ගලික සම්බන්ධීකරණ නිලධාරී (කාන්තා / පිරිමි)

වයස් සීමාව - අවුරුදු 18ත් 25ත් අතර අවිවාහක
සුදුසුකම් - අ.පො.ස. උ/පෙ සමත්වීම, පරිගණක සාක්ෂරතාවය
උසස් අධ්‍යාපනය සහ සේවා පළපුරුද්ද අමතර සුදුසුකමකි.

ක්ෂේත්‍ර නිලධාරී (කාන්තා / පිරිමි)

වයස් සීමාව - අවුරුදු 18ත් 25ත් අතර
සුදුසුකම් - අ.පො.ස. සා/පෙ සමත්වීම, යතුරුපැදි බලපත්‍රය
සේවා පළපුරුද්ද අමතර සුදුසුකමකි.

ඔබ ඉහත සුදුසුකම් සහිත කොළඹ, ගම්පහ හෝ කළුතර දිස්ත්‍රික්කවල පදිංචි අයෙක් නම් ඔබගේ ජීව දත්ත තොරතුරු 2018-11-30 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත්)
සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය
“රාමවික්‍රම සමුපකාර මන්දිරය”
අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.

ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මැතිඳුන් දේශබන්ධු, විශ්වකීර්ති, ලංකාපුත්‍ර නාමයෙන් පිදුම් ලැබූ වගයි…
2018-10-24
ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මැතිඳුන් දේශබන්ධු, විශ්වකීර්ති, ලංකාපුත්‍ර නාමයෙන් පිදුම් ලැබූ වගයි…
මනුදම් හරසර ප්‍රණාම
2018-10-14
මනුදම් හරසර ප්‍රණාම
අපගේ නව ශාඛාවක් මිනුවන්ගොඩට…
2018-10-14

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය සේවාවන් මිනුවන්ගොඩ ප්‍රදේශය තෙක් පුළුල් කරමින් සිය ශාඛාවක් නුදුරු දිනකදී මිනුවන්ගොඩ නගරයේ දී විවෘත කිරීමට නියමිතයි.

අපගේ නව ශාඛාවක් මතුගමට…
2018-05-24

ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය සිය සේවාවන් මතුගමට ප්‍රදේශය තෙක් පුළුල් කරමින් සිය ශාඛාවක් නුදුරු දිනකදී මතුගම නගරයේ දී විවෘත නියමිතයි.

මනුසත්කමේ සත්කාරය – 2018 මැයි ගං වතුර උවදුර
2018-05-24
මනුසත්කමේ සත්කාරය – 2018 මැයි ගං වතුර උවදුර

මනුසත්කමේ සත්කාරය – 2018 මැයි ගං වතුර උවදුර
ඡායා රූ…

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව ශාඛා ජාලය සඳහා ඔබට ආරාධනා…
2018-05-24

බස්නාහිර පළාතේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව ශාඛා ජාලය සඳහා කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක වල පදිංචි දිරිමත්, කාර්යක්ෂම ඔබටයි අපගේ ආරාධනය…

ගිණුම් නිලධාරි - කාන්තා / පිරිමි

අ.පො.ස. උ/පෙ සමත්වීම (වැඩිදුර අධ්‍යාපනය අමතර සුදුසුකමකි)
පරිගණක සාක්ෂරතාවය
වයස අවු. 20 - 25 අතර
ස්කූටර් / යතුරුපැදි බලපත්‍රය අමතර සුදුසුකමකි

බැංකු ප්‍රවර්ධන නිලධාරී - කාන්තා / පිරිමි

අ.පො.ස. උ/පෙ සමත්වීම
වයස අවු. 20 - 25 අතර
යතුරුපැදි බලපත්‍රය තිබීම
ක්ෂේත්‍රයේ පළපුරුද්ද

රියදුරු - පිරිමි

වයස අවු. 25 - 35 අතර
පළපුරුද්ද

ආරක්ෂක නිලධාරී - පිරිමි

වයස අවු. 25 - 35 අතර
පළපුරුද්ද

ඔබ ඉහත දැක්වෙන සුදුසුකම් සහිත අයෙකුනම් ජීව දත්ත තොරතුරු පහත ලිපිනයට යොමු කරන්න. තමා ඉල්ලුම් කරන තනතුර කවරයේ වම් කෙළවර සඳහන් කරන්න.

අයදුම්පත්‍ර බාරගන්නා අවසාන දිනය - 2018-05-31

සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත්)
සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය
"රාමවික්‍රම සමූපකාර මන්දිරය"
අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.

ලේ දන්දීමේ පිංකම 2018-05-06 වන දින…
2018-04-28
ලේ දන්දීමේ පිංකම 2018-05-06 වන දින…

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ලේ දන්දීමේ පිංකම 2018-05-06 වන දින සමිති ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
මේ සඳහා රුධිර පරිත්‍යාගශීලීන් වෙත ආරාධනා!

දහසය වන සංවත්සර සැමරුම...
2018-02-07
දහසය වන සංවත්සර සැමරුම...

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ දහසය වන සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ බෝධි පූජාමය පිංකම 2018-02-07 වන දින හේනවත්ත ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.

සමිතියේ ගරු ප්‍රධාන ලේකම්තුමා මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට
2017-11-11
සමිතියේ ගරු ප්‍රධාන ලේකම්තුමා මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මහතාහට බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන පිළීබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා විසින් පසුගියදා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට පත්වීමේ නිල ලිපිය ලබාදුන් මොහොත කැමරා කාචයේ මෙසේ සටහන් විය.
මෙම අවස්ථාව සඳහා සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපති දේශමාන්‍ය පියල් රාමවික්‍රම මහතාද එක්විය.
ඡායා රූ…

ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත ගරු සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා තුමා වෙත
2017-11-11
ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත ගරු සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා තුමා වෙත

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතිය විසින් සිය ගණුදෙනුකරුවන්ට හඳුන්වා දුන් ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහනසමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන පිළීබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා වෙත පිළිගැන්වීම සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපති දේශමාන්‍ය පියල් රාමවික්‍රම මැතිතුමා අතින් සිදුවිය.
මෙම අවස්ථාව සඳහා සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ ගරු ලේකම් ගාමිණී ජයවීර මහතාද සහභාගී විය.

නිම්නද නර්තන කණ්ඩායම කළඑළි බැසීම
2017-11-03
නිම්නද නර්තන කණ්ඩායම කළඑළි බැසීම

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් නිර්මාණය වූ නිම්නද නර්තන කණ්ඩායම කළඑළි බැසීම සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ පස් වන සංවත්සර මහා සභාවේදී සිදුවිය.

ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත හඳුන්වා දීම
2017-11-03
ව්‍යවසාය ප්‍රණාම වට්ටම් කාඩ්පත හඳුන්වා දීම

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතිය පසුගිය දින සිය ගණුදෙනුකරුවන්ට ව්‍යවසාය ප්‍රණාම නමින් වට්ටම් කාඩ්පතක් හඳුන්වා දුනි.
රටේ ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙම කාඩ්පත මගින් ඉහල වට්ටමක් ලබාදීමට කටයුතු කෙරේ.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත, ග්‍රාම සංවර්ධන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ නිලධාරී නුවන් වනිගරත්න මහතා, සමුපකාර සංවර්ධන නිලධාරී කුමාර විජයලත් මහතා, ව්‍යපාරසංවර්ධන සමුපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපතිතුමා, ගරු ප්‍රධාන ලේකම්තුමා, ගරු උප සභාපතිතුමා, ගරු අධ්‍යත්ෂ මණ්ඩලය හා මහා සභා නියෝජිතයෝ සහභාගී වූහ.

පස්වන සංවත්සරය හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම
2017-10-21
පස්වන සංවත්සරය හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම

සීමාසහිත ව්‍යපාර සංවර්ධන සමුපකාර සමිතියේ පස්වන සංවත්සරය 2017 ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වින.
මෙහිදී 2017 - 2020 තෙවර්ෂය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම සිදුවිය. එහිදී සමිතියේ ගරු ප්‍රධාන සභාපති ලෙස පියල් රාමවික්‍රම මහතාත්, ගරු ප්‍රධාන ලේකම් ලෙස ගාමිණි ජයවීර මහතාත්, ගරු උප සභාපති ලෙස ෂර්ලි ආරියරත්නමහතාත්, ගරු අධ්‍යක්ෂකවරුන් ලෙස සරත් ජයසිංහ, චමිල වාගීස, රොෂාන් පුංචිහේවා, ශ්‍රියානි නවගමුව යන මහත්ම මහත්මීන් නිතරගයෙන් තේරී පත් වින.

ලේ දන්දීමේ මහා පිංකම
2017-05-02
ලේ දන්දීමේ මහා පිංකම

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන්දීමේ මහා පිංකම මැයි මස 07 දින පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා රාමවික්‍රම සමුපකාර මන්දිරයේදී පැවැත්වේ.
මෙම උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සීමාසහිත ව්‍යාපාරසංවර්ධන සමූපකාර සමිතියේ පසලොස්වන සංවත්සර සැමරුම් උත්සවය
2017-02-07
සීමාසහිත ව්‍යාපාරසංවර්ධන සමූපකාර සමිතියේ පසලොස්වන සංවත්සර සැමරුම් උත්සවය

සීමාසහිත ව්‍යාපාරසංවර්ධන සමූපකාර සමිතියේ පසලොස්වන සංවත්සර සැමරුම් උත්සවය 2017 පෙබරවාරි මස 07 දින ප්‍රධානකාර්යාලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.
උත්සවයේ ප්‍රධානආරාධිතයා ලෙස තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු දුලිප් විජේසේකර මැතිතුමා සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව ප්‍රධානආසන සංවිධායක ගරු එස්. එම්. මරික්කාර් මැතිතුමා හා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. උදය බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඊ. ඩබ්. ප්‍රියන්තමහතා, සමිතියේ මහා සභා නියෝජිතයින් හා ආරම්භක සාමාජිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වින.
මෙදින සමිතියේ පසලොස්වන සැමරුම නිමිති කරගනිමින් මුද්දර කාර්යාංශය මගින් මුල් දින කවරයක් එළි දැක්වූ අතර සමිතියට නව ලාංඡනයක්ද හඳුන්වා දෙන ලදී. මීට සමගාමීව ආරම්භක සාමාජිකය‍න්‍හට උපහාර පිදීමක් හා තිළිණ ප්‍රදානයක්ද පැවැත්වින.

“සමූපකාර නීතියට අදාල නඩු තීන්දු” කෘතියේ පළමු පිටපත අතිගරු ජනාධිපතිතුමන් වෙත
2016-08-18
“සමූපකාර නීතියට අදාල නඩු තීන්දු” කෘතියේ පළමු පිටපත අතිගරු ජනාධිපතිතුමන් වෙත

සමූපකාර ව්‍යාපාරයජන ජීවිතයේ කොටසක් ලෙස පැවතියද ඒ පිළිබඳ පත පොත හා ලේඛන පවතින්නේ අල්ප වශයෙනි. මෙවැනි වටපිටාවක් තුළදී සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය විසින් සමූපකාර සමිති හා සමූපකාර නිලධාරීන් ඇතුළු සමූපකාර විෂය පිළිබඳ ඕනෑකමක් දක්වන උදවිය සඳහා ජාතික සමූපකාර මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්, අධ්‍යාපන අධ්‍යක්ෂ, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලයේ කථිකාචාර්ය සහ සමූපකාර නීති පිළිබඳ ප්‍රවීනයෙක් වන අභයරත්න බණ්ඩාර බුලත්ගම මහතා විසින් රචනා කරන ලද “සමූපකාර නීතියට අදාල නඩු තීන්දු” නමැති කෘතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා උර දෙන ලදී. එම කෘතියේ පළමු පිටපත පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් හට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය. එම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් රෙජිස්ට්‍රාර් ආසිරි වීරසේකර මහතාත්, කෘතියේ කතෘ අභයරත්න බණ්ඩාර බුලත්ගම මහතාත්, කෘතියේ ප්‍රකාශක සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ගරු සභාපති දේශමාන්‍ය පියල් රාමවික්‍රම මහතාත් සහභාගී වූහ.

සාඩම්බර කොටස්කරුවෙක් වීමට ඔබ සූදානම්ද?
2016-08-17

බස්නාහිර පළාත තුළ වේගයෙන් ව්‍යාප්ත වන අපගේ ශාඛා ජාලය සඳහා ධෛර්යය, කැපවීම හා ඕනෑකම ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පදිංචි පහත සුදුසුකම් ඇති යෙෳවන ඔබටයි අපගේ ආරාධනය…

ගිණුම් නිලධාරී - කාන්තා / පිරිමි

  • අ.පො.ස. උ/පෙ සහ AAT සමත්වීම සහ ගිණුම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද
  • ඉංග්‍රීසි භාෂා හැකියාව සහ සාක්ෂරතාවය
  • වයස අවුරුදු 20 – 25 අතර
  • ස්කූටර් / යතුරු පැදි බලපත්‍රය අමතර සුදුසුකමකි

බැංකු ප්‍රවර්ධන නිලධාරී - කාන්තා / පිරිමි

  • අ.පො.ස. සා/පෙ සමත්වීම සහ වයස අවුරුදු 20 – 35 අතර වීම
  • යතුරු පැදි සඳහා රියදුරු බලපත්‍රය තිබීම
  • ක්ෂේත්‍රයේ පළපුරුද්ද

ඔබ ඉහත දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු නම් දින 07ක් ඇතුලත ජීව දත්ත තොරතුරු පහත ලිපිනයට යොමු කරන්න.

මානව සම්පත් කළමණාකරු
සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය
“රාමවික්‍රම සමුපකාර මන්දිරය”
අංක 615, අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව නව නගරය.
දුරකථන: 0112-569806

අප ප්‍රධාන ලේකම්තුමා සමූපකාර උපදේශක තනතුරට
2016-08-04
අප ප්‍රධාන ලේකම්තුමා සමූපකාර උපෙද්ශක තනතුරට

සීමාසහිත ප්‍රධාන සංවර්ධන සමූපකාර සමිතියේ ගරු ප්‍රධාන ලේකම් ගාමිණී ජයවීර මහතා හට බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා විසින් පසුගිය දා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සමූපකාර විෂය කටයුතු සම්බන්ධ උපෙද්ශකවරයා වශෙයන් පත්වීමේ නිල ලිපිය ලබාදුන් මොහොතේ කැමරා කාචයේ සටහන.

අප සභාපතිතුමා නව තනතුර
2016-08-03
අප සභාපතිතුමා නව තනතුර

සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ ගරු ප්‍රධාන සභාපති දේශමාන්‍ය සිංහ ගරු පියල් රාමවික්‍රම මහතා බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂධූරය සඳහා පත්කිරීමට බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා විසින් පසුගිය දා පත්වීමේ නිල ලිපිය ලබාදුන් මොහොතේ කැමරා කාචයේ සටහන.

චිකාරා සතෝ මහතා අධ්‍යයන චාරිකාවක
2016-08-03
චිකාරා සතෝ මහතා අධ්‍යයන චාරිකාවක

ජාත්‍යන්තර කෘෂිකාර්මික සමූපකාර මහා සංගමයේ, ජාත්‍යන්තර සමූපකාර අංශයේ ප්‍රධානී සහ ආසියානු කළාපයේ සමූපකාර සන්ධානයේ ප්‍රධානී චිකාරා සතෝ මහතා සීමාසහිත ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතියේ අධ්‍යයන චාරිකාවක නිරත වීම.

ලේ දන් දීමේ මහා පිංකම – 2016 මැයි 08
2016-04-27
ලේ දන් දීමේ මහා පිංකම – 2016 මැයි 08

 

ලෝක ළමා දින සැමරුම – 2015
2015-09-18

“ලෝකයේ වටිනාම සම්පත දැයේ දරුවන්ය”

සී/ස කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර සංවර්ධන සමූපකාර සමිතිය විසින් සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් උළෙල 2015 ඔක්තෝම්බර් 03 දින පෙ.ව. 9.30ට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් සමූපකාර අමාත්‍ය ගරු ලලිත් වනිගරත්න මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සමිති ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මානුෂීය ආධාර අනුරාධපුරයේදී
2014-12-26

ඇද හැළුනු මහ වැසි නිසාවෙන් ගම් බිම් යට කරමින් ගලා ගිය ගං වතුරින් පීඩාවට පත් ජනතාවට සහන සලසනු වස් කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය 2014-12-26 දින අනුරාධපුරයේදී මානුෂීය ආධාර බෙදාදුන් වගයි.
ඡායා රූ…

සිව් වන ත්‍රෙවාර්ෂික සංවත්සරය
2014-11-01

කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතියේ සිව් වන ත්‍රෙවාර්ෂික සංවත්සරය 2014 නොවැම්බර් 01 වන දිනය මුළුල්ලේ ප්‍රධාන කාර්යාලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහජන උපයෝගිතා පිළිබඳ ඇමති ගරු මර්වින් සිල්වා මැතිතුමා සහභාගී වූ අතර සෙ‍සු ආරාධිත අමුත්තන් ලෙස බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් ක්‍රිස්ටි විජේසූරිය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප නිලධාරිනී පුෂ්පා ඒකනායක, හ‍ා සංවර්ධන නිලධාරිනී සුභද්‍රා මනතුංග යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
ඡායා රූ…

Coop Bank - ව්‍යාපාර සංවර්ධන සමුපකාර සමිතිය